

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කාරතිවු මුහුදු ප්‍රදේශයේ පදුගිය දා (20) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය.
ඩිංගි යාත්‍රාවේ තිබූ උර දහ තුනක අසුරන ලද නීති විරෝධී මෙම කෘමිනාශක ද්‍රව්‍ය තොගය සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
නාවික හමුදා භාරයට ගත් කෘමිනාශක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි. (Cyber World Press)
