රුසියානු – යුක්රේන යුද අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජිනීවා නුවර පැවති සාකච්ඡාවෙන් පසු දෙරට අතර යළි යුද ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා කරයි.

පෙරේදා රාත්රියේදී යුක්රේනයේ කීෆ් අගනුවරට එල්ල වූ රුසියානු හමුදා ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, යුක්රේන හමුදාවෙන් රුසියාවට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකුට දිවි අහිමි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ජිනීවා සාකච්ඡාවේදී යුක්රේන සහ යුරෝපා නියෝජිතයන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුක්රේන සාම යෝජනාවලිය දැඩි විවේචනයට ලක් කැර ඇති අතර, එය රුසියාවට වාසිදායක බවට අදහස් පළකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ එම සාකච්ඡාවෙන් පසු යෝජනාවලිය නැවත සංශෝධනය කිරීමට සියලු පාර්ශ්ව අතර එකඟතාව පළ වූ බවය.
ඒ අනුව ට්‍රම්ප්ගේ යෝජනාවලියේ කරුණු කිහිපයක් ඉවත් කරනු ඇතැයි ද, අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත හැකි වනු ඇතැයි ද යුක්රේන ජනාධිපතිවරයා විශ්වාසය පළ කළ බව වාර්තා වේ.
අමෙරිකානු සහ යුරෝපා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් යුතුව ජිනීවා නුවර පැවති සාකච්ඡාවට ට්‍රම්ප්ගේ යෝජනාවලිය සම්පූර්ණයෙන්ම දෝෂ සහිත බව ප්‍රකාශ කරමින් රුසියාව එම සාකච්ඡාවට එක්වීම ප්‍රතික්ෂේප කළ බව ද වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)
