Impartial news reporting for a stronger democratic society
ව්‍යවස්ථා සංශෝධනය  මර උගුලක්  පාකිස්තානයේ නීතිඥයෝ  විදි බසිති

පාකි­ස්තාන පාර්ලි­මේ­න්තුව  පසුගිය දා සම්මත කැර ගත් 27 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට එරෙ­හිව කරච්චි නග­රයේ නීති­ඥ­වරු සින්ද් ප්‍රාන්තයේ මහා­ධි­ක­රණ පරි­ශ්‍ර­යේදී විරෝ­ධ­තා­වක නිරත වූ බව  ඩෝන් පුවත් සේවය  පවසයි.

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ බල­තල කප්පාදු කර­මින් සහ පාකි­ස්තාන හමු­දා­පති ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර්ගේ බල­තල ඉහළ නංව­මින්  සිදු කළ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා  පිළිවෙතට එරෙහිව මෙම විරෝධතාව  පවත්වා තිබේ.

පොලිස් විරෝ­ධතා මැඬපව­ත්ව­මින් මහා­ධි­ක­රණ භූමි­යට ඇතුළු වූ නීති­ඥ­වරු එහිදී ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට එරෙ­හිව විරෝ­ධ­තා­වක නිරත වූ බව ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත්  පෙන්වා දෙයි.

පාකි­ස්තාන ව්‍යවස්ථා සංශෝ­ධ­නය මඟින් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය සහ නීතියේ ආධි­ප­ත්‍යය අභි­යෝ­ග­ය­කට ලක්වී ඇති බවත්, ව්‍යව­ස්ථා­මය ව්‍යූහය සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දුර්වල කැර ඇතැයි ද විරෝ­ධ­තා­ක­රු­වන් ප්‍රකාශ කැර ඇත.

එරට 27 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට විරෝ­ධය දක්ව­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­වන් දෙදෙ­නකු පසු­ගි­යදා සිය ධුර­ව­ලින් ඉල්ලා අස්වූ අතර, ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ බල­තල කප්පාදු කිරී­ම­කට ලක් කැර ඇති නව ව්‍යවස්ථා සංශෝ­ධ­නය පිළි­බඳ විවා­ද­යක් පැවැ­ත්වීම සඳහා අධි­ක­රණ සමු­ළු­වක් කැඳ­වන ලෙස අග­වි­නි­සු­රු­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කැර ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳ­හන් කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp