Impartial news reporting for a stronger democratic society
චීනයේ කහ ගඟ සංරක්ෂණය කරන්නැයි ජනාධිපති ෂී ජින්පිං උදෙස් දෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං පසුගියදා චීනයේ මව් ගංගාවක් ලෙසින් විරුදාවලි ලද කහ ගංගාවේ සංරක්ෂණ හා පාලන කටයුතු වෙනුවෙන් උපදෙස් ලබා දී ඇති බව Cyber World Press  වාර්තා කරයි.

නව යුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය මත පදනම්ව කහ ගඟ සංරක්ෂණය වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙමින් එහි පාලන කටයුතු වෙත ද ඉහළ අවධානයක් යොමු කළ යුතු යැයි හෙතෙම එහිදී අවධාරණය කැර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් යුතුව ජනතාව වසර 80ක් පුරා කහ ගංගාවේ ජල කළමනාකරණ කටයුතු ක්‍රමානුකූලව පාලනය කර‍මින් ඉතිහාසයේ කලක සිට පැවති පිටාර ගැලීමේ ආපදා තත්ත්වයන් සම්පූර්ණයෙන්ම පාලනය කැර සැබෑ වෙනසක් ඇති කැර තිබීම කැපී පෙනෙන්නකි. මෙමඟින් සමාජවාදී ක්‍රමවේදයේ කැපී පෙනෙන ලක්ෂණ ද පෙන්නුම් කැර ඇති බව ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා  දී ඇත.

කහ ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ජෛව සංරක්ෂණය ගුණාත්මකව සිදු කිරීම තහවුරු කළ යුතු බව පැවසූ හෙතෙම රටේ ජෛව ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවත්, කහ ගංගාවේ සුන්දරත්වය හා චමත්කාරය වඩාත් ඉස්මතු කිරීම සඳහා උත්සාහ දැරිය යුතු බවත් අවධාරණය කරමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

කහ ගංගාවේ සංරක්ෂණ හා පාලන කටයුතු පූර්ණ ලෙස තහවුරු කිරීම පිළිබඳ රැස්වීම  පසුගිය 02වැනිදා Zhengzhou නගරයේදී පැවැත්විණ. ෂී ජින්පිංගේ මෙම උපදෙස් පිළිබඳව එහිදී දැනුවත් කෙරිණ.

තොරතුරු මූලාශ්‍ර – CGTN  ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp