
විවිධ වැරදි වෙනුවෙන් වරදිකරුවන් වී සිර දඬුවම් විඳින රැඳවියන් හා අත්අඩංගුවට පත් වූ සැකකරුවන් 995 දෙනෙක් පසුගිය වසර 6ක කාලයේ දී අනීතිකව පැන ගොස් ඇතැයි විගණන කාර්යාලය කියයි.
මේ අයගෙන් 554 දෙනකු නැවත අත්අඩංගුවට ගෙන නැති අතර. 441 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් කැර ඇත.
රටේ කවර හෝ අධිකරණයක අධිකාරි බලය යටතේ බන්ධනාගාරගත කරන ලද හෝ රිමාන්ඩ් භාරයට පත්කරන ලද සෑම තරාතිරමකටම අයත් රැඳවියන්ගේ ආරක්ෂාව හා රැකවරණය බන්ධනාගාර නීති රීති වලට අනුකුලව සැලසීමත්, රැඳවියන් පුනරුත්තාපනය කැර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වෙයි.
ඒහෙත් දඬුවම් කාලය අවසන්වීමට පෙර නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සිරකරුවන් හෝ සැකකරුවන් 995ක් මෙසේ පැනගොස් ඇති අතර ,ඉන් 441ක් නැවත අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කරයි.
දිනමිණ ඇසුරෙන්- රන්මලී සෝමසිරි
