Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවේ මාරක බස් අනතුරකින් 6 ක් මරුට 32කට බරපතළ තුවාල – බිමත්කම හේතුවක්- මදුරෙයි පොලිසිය

ඉන්දියාවේ මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙන් අද (24)  සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුරෙන් බස් රථ දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වේ.

මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කැර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. මදුරෙයි පොලිසියේ උසස් නිලධාරියකු කියා සිටියේ  එක් රියැදුරෙකු අධික ලෙස මත් පැන් පානය කැර සිටි ඇති බවයි.

තුවාල ලැබූ මගීන් 32 දෙනාම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින නමුත් ,ඔවුන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇති බවත් ඉන්දීය මාධ්‍ය  කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp