
ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර වෙළෙඳ සබඳතා ඉහළ නැංවීම අරමුණු කරමින් දෙරට අතර සෘජු භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කැර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියනයක වාර්ෂික වෙළෙඳ ගනුදෙනුවක් සිදුවන මේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඒකාබද්ධ වෙළෙඳ කමිටුවක් පත් කිරීමට ද ඉන්දීය සහ ඇෆ්ගනිස්තාන නියෝජිතයන් එකඟතාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.
එම තීරණය ගෙන ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කර්මාන්ත සහ වාණිජ ඇමැති නූර්දීන් අසීසිගේ පස්දින ඉන්දීය සංචාරයේදී බවත්, ඇෆ්ගනිස්තාන වාණිජ ඇමැතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති සහ වාණිජ කටයුතු ඇමැති සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී තවත් තීන්දු රැසක් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය කියයි. ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට ඇෆ්ගනිස්තානයේ අවධානය යොමු වී ඇත්තේ පාකිස්තානය සමඟ උද්ගත වූ දේශසීමා යුද ගැටුම් හේතුවෙන් පසුගිය මාස 3 ඇතුළත එරට ව්‍යාපාරික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමින් බව ද කියයි.(දිනමිණ ඇසුරෙන්)
