Impartial news reporting for a stronger democratic society
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් පාලම් හදන්න චීනයෙන් ආධාර

 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් පාලම් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාවන චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්‍රී ලංකාව  පසුගිය දා අත්සන්  තැබීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබිම කොළඹ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු විය.

මෙය ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පසු ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් චීනය සතු දැඩි කැපවීම මෙන්ම චීන සහ ශ්‍රී ලාංකික ජනතාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වය මෙමඟින් මනාව පිළිබිඹු කරන්නක් බව  සඳහාන් කළ යුතුය.

Follow by Email
LinkedIn
Share
WhatsApp