Impartial news reporting for a stronger democratic society
රුපියල් කෝටි 08කට වැඩියෙන් වටිනා “අයිස් ” කොළඹට ගෙනා ශ්‍රී ලාංකික ගුවන් මගියා කොටු වෙයි

මෙතැම්පටමයින් හෙවත් ” අයිස් ” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට  ගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කැර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියකු  අද (29/09/ 26) රාත්‍රීයේ  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන  ඇත.

රුපියල් කෝටි 08කට අධික වටිනාකමකින්  යුත්  මෙම ” අයිස් ” මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත්තේ

රත්මලාන , ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු ව්‍යාපාරිකයෙකි.

ඔහු ඕමානයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් 29 වැනි  දින රාත්‍රී 07.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ” අයිස් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 ග්‍රෑම් 994 ක ප්‍රමාණය , පාර්සල් 10 ක් ලෙස සකස් කැර , ඔහු රැගෙන ආ ගමන් මල්ල තුළ වූ බිස්කට් සහ චොකලට් අඩංගු පෙට්ටි තුළ සූක්ෂම ලෙස සගවා ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීවරුන්ගේ පෞද්ගලික ඔත්තුකරුවකු ලබා දුන් තොරතුරු මත , මෙම ගුවන් මගියා , ගුවන් තොටුපොළ තුළ දී හදුනා ගෙන , අත්අඩංගුවට ගැනීම සිදු කැර  ඇති බව අනාවරණය  වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp