
අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කරන්නේ නම් විනාශකාරී දැවැන්ත යුද්ධයකට වුවත් ඉරානය සූදානම් බවත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා තවදුරටත් විවෘත බවත් විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කැර ඇති බව Cyber World Press වාර්තා කරයි.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉරාන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කැර ඇත්තේ ඉරාන ජනාධීපති මසුඩ් පෙසෙෂ්කියන් සමඟ නිව්යෝර්ක් නුවරට පැමිණියේ යුද්ධයකට නොව සාමය වෙනුවෙන් පෙනී සිටීමට බවයි.
යුද්ධය අවසන් කැර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඉරානය ඉදිරිපත් කළ දින 7ක සැලසුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු මේ ප්‍රකාශය සිදු කැර තිබේ. ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යන බවත්, ඒ අතරතුර ඕනෑම ආක්‍රමණයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ඔහු අවධාරණය කැර තිබේ.
යුද ගැටුම් අවසන් කිරීම සහ ඉරාන දේපොළ නිදහස් කැර ගැනීම වෙනුවෙන් දින 7ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින් කටාර් රාජ්‍යයේ නියෝජිතයන් හරහා ඉරානය එම යෝජනාව ඉදිරිපත් කැර තිබේ.
කෙසේ වෙතත් කටාර් රාජ්‍යය තවදුරටත් දෙරට අතර සාමයට මැදිහත්වී සිටින බැවින් ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කැර ඇතැයි ද වාර්තා වේ. ඉරානය සමඟ පවතින යුද ගැටුම් ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරන බවත්, මධ්‍යම වාර මැතිවරණයට පෙර ඉරානයට නැවත ප්‍රහාර එල්ල වීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කැර තිබේ.
