
අමෙරිකාවේ ප්‍රකට තීරු ලිපි ලේඛිකාවක වන ජේන් කැරොල්ට ලිංගික අතවර කිරීම සහ අපහාස කිරීම සම්බන්ධව වරදකරු බවට එරට සිවිල් ජූරී සභාවක් නිකුත් කරන තීන්දුවකින් නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කැර තිබේ.

මීට අමතරව කැරොල් වෙත ඩොලර් මිලියන 83.3ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළ අපහාස නඩු තීන්දුව ද නිෂ්ප්රභා කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
90 දශකයේ මැද භාගයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට ලිංගික අතවර කළ බවටත්, පසුව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවටත් චෝදනා කරමින් ඩොලර් මිලියන 88.3ක වන්දියක් ඉල්ලා කැරොල් මේ සිවිල් නඩුව ගොනු කැර ඇත්තේ 2019 සහ 2022 වසරවලදීය.
එම නඩුව සමථයකට පත් කැර ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජූනි මාසයේදි ඇයට ඩොලර් මිලියන 5.6ක මුදලක් ගෙවා ඇති අතර, ජනාධිපතිවරයාට එරෙහිව එම නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට ඇගේ නීතිඥ කණ්ඩායම තීරණය කැර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දැනට 82 හැවිරිදි වියෙහි පසුවන ජේන් කැරොල් 90 දශකයේ මැද භාගයේ මෑන්හට්න් නුවර සාප්පු සංකීර්ණයක ඇඳුම් මාරු කරන කුටියක් තුළදී ට්‍රම්ප්ගේ අතවරයට ලක්වූ බවට ඇය පළමු නඩුව ගොනු කැර ඇති අතර, එම සිදුවීම ප්‍රබන්ධයක් බව පවසමින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසයක් සිදු කළ බවට දෙවැනි නඩුව ගොනු කර තිබූ බව වාර්තා වේ.(දිනමිණ ඇසුරෙන්)
