
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට තමන් කැමැති බවත්, කෙටුම්පතක් සමඟ සාම සැලැස්මක් ලැබීමෙන් පසු, අමෙරිකාව සමඟ “අවංක වැඩකට” සූදානම් බව යුක්ක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
මෙම සැලැස්ම යටතේ, කිව් තවමත් පාලනය කරන නැඟෙනහිර යුක්ක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශ අත්හරින බවත්, එහි හමුදාවේ ප්‍රමාණය අඩු කරන බවත්, කිසි විටෙකත් නේටෝවට සම්බන්ධ නොවන බවට පොරොන්දු වන බවත් යුක්ක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත.
සැලැස්ම කෙටුම්පත් කිරීමේදී යුක්ක්‍රේනය ඊට කෙතරම් සම්බන්ධ වී ඇත්ද යන්න පැහැදිලි නැතැයි සදහන් වේ.
කෙසේ නමුත් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා ඇත්තේ අමෙරිකාව “දෙපාර්ශ්වය සමඟම සමානව” සම්බන්ධ වී ඇති බවයි.
මේ අතර තවත් ප්‍රකාශයකින්, සෙලෙන්ස්කිගේ කාර්යාලය පැවසුවේ යුක්ක්‍රේනය “යුද්ධයට සාධාරණ අවසානයක් ගෙන දෙන ආකාරයෙන් සැලැස්මේ විධිවිධාන මත වැඩ කිරීමට එකඟ වී ඇති” බවයි.
ඉදිරි දිනවලදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අදාළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබේ.
