Impartial news reporting for a stronger democratic society
දේශ­සීමා ආස­න්නයේ දුම්රිය මාර්ග සංව­ර්ධ­න­ය ඉන්දීය රජයේ උපා­ය­මා­ර්ගික සැල­සු­මක් !

ඉන්දීය රජය රුපි­යල් බිලි­යන 450කට අධික මුද­ලක් ආයෝ­ජ­නය කරමින් දේශ­සීමා ආස­න්නයේ දුම්රිය මාර්ග යටි­තල පහ­සු­කම් ඉහළ නැංවීමට සැල­සුම් කර­මින් සිටින බව Cyber World Press වාර්තා  කරයි.

චීනය, පාකි­ස්ථා­නය සහ බංග්ලා­දේ­ශය සමඟ පව­තින දේශ­සීමා ආස­න්නයේ පිහිටි දුම්රිය මාර්ග මේ අනුව සංව­ර්ධ­නය කිරීමට නිය­මි­තව ඇත.

කලා­පීය තත්ත්ව­යන් වෙනස් වෙමින් පව­තින පසු­බි­මක ඉන්දි­යාව සිදු­ක­රන  මෙම උපා­ය­මා­ර්ගික යටි­තල පහ­සු­කම් සංව­ර්ධන ව්‍යාපෘ­ති­ය වැදගත් වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කැර තිබේ.

එම ආයෝ­ජන ව්‍යාපෘ­ති­යට අනුව පන්ජාබ්, බට­හිර බෙංගා­ලය, හිම­චාල් ප්‍රදේශ්, රාජ­ස්ථාන්, අසෑම් සහ ඊසා­න­දිග ප්‍රාන්ත කිහි­ප­යක නව දුම්රිය මාර්ග සහ දුම්රිය ස්ථාන ඉදි කිරී­ම­ටත්, දුම්රිය මාර්ග ජාලය ශක්ති­මත් කිරීම­ටත් රජයේ අව­ධා­නය යොමු වී තිබේ. ඉදිරි මාස 18ත්, 24ත් අතර කාල­සී­මාව ඇතු­ළත සිදු කිරීමට නිය­මිත නව ව්‍යාපෘ­තිය යටතේ එරට සමස්ත දුම්රිය යටි­තල පහ­සු­කම් පිරි­වැ­යෙන් 22%ක් පමණ දේශ­සීමා ප්‍රාන්ත වැඩ­ස­ට­හ­නට ඇතු­ළත් වන බව ද වාර්තා වේ.

අග­මැති නරේන්ද්‍ර මෝදිගේ රජයේ දේශ­සීමා ආශ්‍රිත යටි­තල පහ­සු­කම් ගොඩ­නැ­ඟීමේ දැක්මට අනුව සිදු කිරීමට නිය­මිත එම ව්‍යාපෘ­තිය මඟින් එරට ඊසා­න­දිග පළා­ත්වල දුම්රිය පාලම්, උමං මාර්ග ඇතු­ළත්ව නව දුම්රිය මාර්ග ඉදි­කිරීම සඳහා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.4ක මුද­ලක් වැය කිරීමට සැල­සුම් කැර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය පසු­ගිය වසරේ වාර්තා කැර තිබූණි.  නමුත් නව­තම වාර්තා­ව­ලින් සඳ­හන් වන්නේ එම පිරි­වැය ඉන් ඔබ්බට ගොස් ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp