Impartial news reporting for a stronger democratic society
G20 රාජ්‍ය නායක සමුළුව දකුණු අප්‍රිකාවේදී හෙට ඇරඹේ! ට්‍රම්ප් සමුළුව වර්ජනය කරයි

වසරක් ාසා පැවැත්වෙන ජි-20 දෙදින සමුළුව හෙට (22) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේදී ඇරඹේ. 20 වැනි වරටත් පැවත්වෙන ජි-20 සමුළුවට දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය ලැබී ඇත්තේ පළමුවරට බවත්, එය අප්‍රිකානු කලාපයේ පැවැත්වෙන පළමු ජී-20 සමුළුව බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ධනවත්ම සහ දියුණු රටවල රාජ්‍ය නායකයන් 42 දෙනකු සහභාගි වීමට නියමිතය. මෙවර සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි නොවන බව දන්වා ඇති අතර, අමෙරිකාවේ නියෝජනයකින් තොරව කිසිදු තීරණයක් නොගන්නා ලෙස දකුණු අප්‍රිකාවට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.

දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ගොවීන්ට එරට රජයෙන් වෙනස්කොට සැලකීම නොපැමිණීමට හේතු වූ බව මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර, එම ප්‍රකාශය හෙළා දකින බව මෙවර සමුළුවේ සභාපතිත්වය දරන දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා නිවේදනය කැර ඇත. දැඩි ආරක්ෂක රැකවල් මැද පැවත්වෙන ජී-20 සමුළුව සඳහා ඩොලර් මිලියන 38.7ක මුදලක් වැය වනු ඇතැයි දකුණු අප්‍රිකානු රජය ඇස්තමේන්තු කැර තිබේ.

දේශගුණික වෙනස් වීම්, දිළිඳු රටවල් සඳහා ණය ලබාදීම සහ අසමානතාව තුරන් කිරීම මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයි සදහාන් වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ද මෙවර සමුළුවට සහභාගි නොවන අතර, රුසියානු ජනාධිපතිවරයා සමුළුවට එක් නොවන්නේ යුක්රේන යුද ගැටුම් මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් ැර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට දකුණු අප්‍රිකාව බැඳී සිටීම හේතුවෙන් බවද සදහාන් වේ.

කෙසේ වෙතත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස්, බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා, කැනඩාවේ අගමැති මාක් කර්නි, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඇතුළු ජර්මනිය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව, තුර්කිය, බ්‍රිතාන්‍යය රටවල රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගි වන බව තහවුරු කර ඇති අතර, මේ වනවිටත් රාජ්‍ය නායකයන් දකුණු අප්‍රිකාවට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ යුරෝපා සංගමයේ සභාපතිනිය මේ වන විට දකුණු අප්‍රිකාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දිනමිණ -ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp