
කොළඹ, මැගසින් බන්ධනාගාරයේ E සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අතර ඊයේ (06) ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට බන්ධනාගාර නිලධාරීන් පාලනය කැර ඇති බව වාර්තා වෙයි.

ඒ අතර කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. වාර්තා වන ආකාරයට ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන ඇත. පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත් සදහන් වේ.
යළිත් අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ. රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කැර ඇති බව වාර්තා වේ. ඇතිව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කැර ඇති බව සඳහන් වෙයි.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර යම් නොසන්සුන්තාවක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කරනු ලැබීය.
රැඳවියන් 40කට ආසන්න පිරිසක් මේ නොසන්සුන් තත්ත්වයට මැදිහත් වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතා සඳහන් කෙළේ මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවයි. බන්ධනාගාරය අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය සූදානමින් තබා ඇති බවයි වාර්තා වේ.
ඊයේ රාත්‍රී 10.30ට පමණ මේ තත්ත්වය ආරම්භ වී තිබේ. මැගසින් බන්ධනාගාරයේ ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වය මේ වන විට පාලනය කැර ඇති බවත්, නායකත්වය දුන් හය දෙනෙකු මේ වන විට අනෙකුත් රැදෙවියන්ගෙන් වෙන් කැර ඇති බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පවසා ඇත.( දිනමිණ ඇසුරෙන්)
