
හෝමූස් සමුද්‍ර සන්ධියේ නැවත නෞකා ගමනාගමනයට අවස්ථාව ලබා දෙන ආකාරයේ යෝජනාවක් සම්බන්ධව ඉරානය සහ ඕමානය අතර එකඟතාවක් පළවී තිබේ.
එම ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි ඉරාන රජය ප්‍රකාශ කැර ඇති අතර, එමඟින් මැදපෙරදිග කලාපයේ බොරතෙල් සැපයුම නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බවත් , ගෝලීය බලශක්ති අර්බුදය අවසන් වීමට එය හේතුවක් වන බවටත් අනාවැකි පළ වී තිබේ.
