
පාකිස්තානයේ ලියාපදිංචි නොවූ සංක්‍රමණිකයන්ට එරෙහිව පුළුල් මර්දනයක් අඛණ්ඩව සිදු කරන බවත්, එක් දිනයක් ඇතුළත ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් 7,700ක් පිටුවහල් කැර ඇති බවත් තලේබාන් සරණාගත කොමිසම ප්‍රකාශ කර තිබේ.
ඇෆ්ගනිස්තාන මාධ්‍ය සඳහන් කැර ඇත්තේ එදිනම තවත් ඇෆ්ගන් සරණාගතයන් 246 දෙනකු ඉරානයෙන් පිටුවහල් කැර ඇති බවය.
දකුණු සහ නැඟෙනහිර පාකිස්තානයේ පිහිටි ටොර්කාම් සහ බෝල්ඩක් දේශසීමා ඔස්සේ පසුගියදා එම සංක්‍රමණිකයන් පිරිස පිටුවහල් කැර ඇති අතර, වේගයෙන් සිදුවන මේ ක්‍රියාවලිය හේතුවෙන් තලේබාන් රජය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. පිටුවහල් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා නවාතැන්, මූල්‍ය සම්පත්, සෞඛ්‍ය සේවා, පානීය ජලය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහා අතිරේක පිරිවැයක් දැරීමට ද තලේබාන් රජයට සිදු වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.
පාකිස්තානයෙන් පිටුවහල් කරනු ලබන බොහෝ සංක්‍රමණිකයන් වසර 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු රටින් පලාගිය පුද්ගලයන් වන අතර, කාන්තාවන්, දරුවන් ඇතුළුව හමුදා සාමාජිකයන් සහ මාධ්‍යවේදීන් ද ඒ අතර සිටින බව සදහාන් වෙයි.
පාකිස්තාන මාධ්‍ය ඇසුරෙන්
