
ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ උපදේශක Dr අලි කෙබ්රියායි සාඩේ මහතා සහ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ Dr කෞෂල්‍ය කුමාරසිංහ මහතා අතර හමුවක් පසුගිය දා (21) පැවැත් විණි.
මෙම හමුවේදී ඉරානය සහ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවතින ශිෂ්ටාචාරමය සමානකම් පිළිබඳ සාකච්ඡා කළහ.
සංස්කෘතික හා කලාත්මක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධානයට ලක් වුහ.
Cyber World Press , Colombo Correspondent

