Impartial news reporting for a stronger democratic society
අරාබි මුහුදේ දී පාකිස්තාන නාවික හමුදාව අයිස් කිලෝ 2,000ක් අල්ලයි ! වටිනාකම ඩොලර් මිලියන 130ක්

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැක සහිත බෝට්ටුවක් පරීක්ෂා කළ පාකිස්තාන නාවික හමුදාව එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් අත්අඩංගුවට ගත්  බව පාකිස්ථායේ ඩෝන් පුවත් සේවය  සදහාන් කෙළේය.

එම අයිස්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 130ක් පමණ වෙයි. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන නාවික හමුදාවේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය ප්‍රකාශ කැර ඇත්තේ සෞදි අරාබියේ ඒකාබද්ධ කාර්ය බළකාය සහ අමෙරිකානු නාවික හමුදා ඒකාබද්ධ බළකාය සමඟ එක්ව එම වැටලීම සිදුකළ බවය.

එම වැටලීම මාස දෙකක් ඇතුළත පාකිස්තාන නාවික හමුදාව  සිදු කරනු ලැබූ තුන්වැනි මෙහෙයුම බවත්, මීට පෙර පසුගිය අගෝස්තුවේදී බලුකිස්තාන මුහුදු තීරයෙන් ඩොලර් මිලියන 38ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ද, පසුගිය මාසයේදී අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකින් ඩොලර් මිලියන 972ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ද පාකිස්තාන නාවික හමුදාව  අත්අඩංගුවට  ගෙන ඇත

Follow by Email
LinkedIn
Share
WhatsApp