Impartial news reporting for a stronger democratic society
උඩරට දුම්රිය මාර්ගය තවමත් යථාවත් වී නැහැ

උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදුවූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත්ව නොමැත.

ඒ අනුව අද (20) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට නියමිතය.
උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බව ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උඩරට මාර්ගයේ දුම්රිය නඩත්තු කටයුතු අද (20) රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

බදුල්ලේ සිට කොළඹ බලා පසුගිය 18 වැනි ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී පස් කන්දක් සමග ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක්ව තිබුණි.

දිනමිණ – ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp