
බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාට එරට අපරාධ අධිකරණය මරණ දඬුවම නියම කිරීම හෙළා දකින බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කැර සිටි.
අවාමි ලීග් රජයට එරෙහිව එරට අපරාධ අධිකරණය හිටපු අගමැතිනියට සහ ස්වදේශ කටයුතු ඇමැති අසාදුස්සමාන් ඛාන් කමාල්ට මරණ දඬුවම නියම කරනු ලැබීමෙන් යුක්තිය බරපතළ ලෙස බිඳ වැටීමකට ලක් වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි. වින්දිතයන්ට වගවීම ලබා දීමට එම තීන්දුව අසමත් වී ඇතැයි ද, ඒ වෙනුවට බංග්ලාදේශයේ මානව හිමිකම් අර්බුදය තවදුරටත් අවදානමකට ලක්වී ඇතැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම්වරිය සඳහන් කැර තිබේ. පසුගිය වසරේ සිදු වූ සංහාරයේ වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ මරණ දඬුවම ලබා දීම නොව, ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන් සපුරාලන ස්වාධීන, අපක්ෂපාතී හා විනිවිදභාවයකින් යුතු අධිකරණ ක්‍රියාවලියක් බවත් ඇය අවධාරණය කැර තිබේ. එවැනි ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම නොසළකා සියලු නඩුවලදී මරණ දඬුවම නියම කිරීමට කොන්දේසි විරහිතව විරුද්ධ වන බව ද ඇග්නස් කැලමාර්ඩ් වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
දිනමිණ- ඇසුරෙන්
