
“මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ… පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම අමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ අමෙරිකාවේ බදු ගෙවන ජනතාව.”
ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු ඇතැම් ඊශ්‍රායල ඇමැතිවරුන් සිදු කරන අමෙරිකානු පරිපාලනය විවේචනය කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් එම ප්‍රකාශය සිදු කෙළේ ය.
තමන්ට අනුකම්පා කරන රටක සහ ලෝකයේ සුපිරි බලවතෙකු වන රටක රාජ්‍ය නායකයා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ඇමැතිවරුන් කළ ප්‍රකාශ දැකීමෙන් තමා කලකිරීමට පත් වූ බව ජේ.ඩී. වෑන්ස් වැඩිදුරටත් පැවසීය.

“ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු, මෙම මාර්ගය අනුගමනය නොකළත්, ජනාධිපති ට්‍රම්ප්ව ඉලක්ක කරමින් කටයුතු කරන එම ඇමැතිවරුන්ට මං පණිවිඩයක් දෙන්න කැමතියි.ඔවුන් තමන්ගේ සිහිබුද්ධියට පැමිණ, ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කිරීම වෙනුවට භූමියේ පවතින සැබෑ තත්ත්වයන් සලකා බැලිය යුතුයි.” අමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා පැවසීය.
“අපගේ ජාතික ආරක්ෂාව සහතික නොකරන ට්‍රම්ප්ගේ ගිවිසුමට අපි බැඳී නැහැ,” යනුවෙන් පවසමින්, ඊශ්‍රායල රජයේ සමහර ඇමැතිවරු අමෙරිකා – ඉරාන අවබෝධතා ගිවිසුම විවේචනය කළා.
ගිවිසුමට පෙර බේරූට්හි සිදු කරන ඊශ්‍රායල මෙහෙයුමට අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, “ඔබට එක් පුද්ගලයකු සොයා ගන්න අවශ්‍ය කරන හැම වේලාවකම සම්පූර්ණ ගොඩනැගිල්ලක් ම බිමට සමතලා කරලා දාන්න ඕනේ නෑ,” යනුවෙනි.
“ලෙබනනය තුළ ඊශ්‍රායලයේ හැසිරීම ගැන ඔහු සතුටු නැහැ. ඊශ්‍රායලයට හැමෝම මරලා මිසක් මේක ඉවර කරන්න බැරි නම්, වෙන කෙනෙක් කරයි, සිරියාව ඒක කරයි” ඔහු පැවසීය.
වෑන්ස්ගේ ප්‍රකාශයට පෙර පවා, අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය බේරුනේ අමෙරිකාවේ අවි නිසා, නැති නම් ඊශ්‍රායලය සොයා ගන්නත් නැහැ. ඒ් නිසා අමෙරිකාවට ඊශ්‍රායලය කෘතඥ විය යුතු බව පවසා තිබිණි.
( Source – BBC )
