
සිදුකෙරෙන ශාරීරික හා මානසික වධහිංසා ගැන හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් බරපතළ හෙළිදරව්වක්
—————————————————————
රඳවා ගැනීමේ නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි තමන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ස්ථානයට පැමිණි මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවේ තමන් මුහුණ දුන් බරපතළ වධහිංසා පිළිබඳව සංවේදී හෙළිදරව්වක් කර තිබේ.
අද (20) දිනයේ සුරේෂ් සලෙයි බැලීම සඳහා රෝහලට ගිය ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ඔහු මෙම තොරතුරු අනාවරණය කැර ඇත.
රටේ ඉහළම බුද්ධි අංශ ප්රධානියකුව සිටි හමුදා නිලධාරියෙකු රඳවා තබා ගැනීමේදී, රජයේ ප්‍රධාන විමර්ශන ආයතනයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තුළ ක්රමානුකූල සහ සංවිධානාත්මක වධහිංසා පැමිණවීම් සිදුවන බවට එල්ල වන මෙම චෝදනාව සමස්ත ආරක්ෂක සහ නීතිමය පද්ධතියම දැඩි විවේචනයකට ලක් කරන්නකි.
මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හෙළි කළ වධහිංසා
මහේස්ත්‍රාත්වරයා රෝහල් ඇඳ අසල විනාඩි 30ක පමණ කාලයක් රැඳී සිටිමින් සුරේෂ් සලෙයි ගේ තත්ත්වය විමසා ඇති අතර, එහිදී තමන්ව රඳවා තබාගෙන සිටි සිරකුටියේ ස්වභාවය ඔහු විස්තර කැර ඇත්තේ මෙසේය,
සංවිධානාත්මක වධහිංසා:
තමන්ව රඳවා සිටි දඬුවම් සිරකුටිය තුළ ක්රමානුකූල ශාරීරික හා මානසික වධහිංසාවලට ලක් කළ බව.
මූලික පහසුකම් අහිමි කිරීම:
වැසිකිළි පහසුකම් භාවිතය සීමා කිරීම, ආහාර සපයන ලද අමානුෂික ක්‍රමවේදය සහ සිරකුටිය තුළට සූර්යාලෝකය (Sunlight) පැමිණීම සම්පුර්ණයෙන්ම අවහිර කැර තිබීම.
සුරේෂ් සලෙයි කළ ප්‍රධාන ඉල්ලීම් 4
තමන් මුහුණ දෙන ජීවිත තර්ජනය හමුවේ හිටපු බුද්ධි ප්‍රධානියා මහේස්ත්‍රාත්වරයාගෙන් සෘජුවම ඉල්ලීම් 4ක් කැර තිබේ.
- පවුලේ ආරක්ෂාව: තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කරන ලෙස.
2- CID එකට එපා: තමන් විඳි අමානුෂික වධහිංසා හේතුවෙන් කිසිසේත්ම තමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා තැබීමේ මධ්‍යස්ථානය වෙත යොමු නොකරන ලෙස.
3- සාධාරණ යුක්තිය: කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමකින් තොරව තමන්ට සාධාරණ සහ අපක්ෂපාතී යුක්තියක් ඉටුකර දෙන ලෙස.
4- පුවත්පත් කියවීමේ අයිතිය: රටේ සිදුවන දෑ දැනගැනීම සඳහා තමන්ට දිනපතා පුවත්පත් පරිශීලනය කිරීමට අවසර දෙන ලෙස.
( Source -The Leader )
