
ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දීය රුපියල (INR) භාවිත කිරීමෙන් දෙරටටම ද්විපාර්ශ්වික වෙළෙඳාමට වාසිදායක බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.
පසුගිය දා කොළඹ පැවැති විශේෂ ව්‍යාපාරික හමුවකදී මහකොමසාරිස් සන්තෝෂ් ජා මේ බව අවධාරණය කෙළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තවදුරටත් අදහස් දැක්වු ඉන්දීය මහකොමසාරිස්වරයා මෙසේද පැවසීය.
ඩොලරය මත පමණක් යැපීම අවදානම් සහගතයි.ලංකාව සහ ඉන්දියාව ගනුදෙනු කිරීමේදී මුලින්ම තමන්ගේ මුදල් ඩොලර්වලට හැරවිය යුතුයි. පසුව එම ඩොලර් නැවත අනෙක් රටේ මුදලට හැරවිය යුතුයි. මෙය කරදර වැඩක් .මෙයින් අනවශ්‍ය බැංකු ගාස්තු සහ පිරිවැයක් එකතු වෙනවා . දරන්න වෙනවා.
අමෙරිකානු ඩොලරයේ අගය නිතර උච්චාවචනය වෙනවා. එය ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට අනපේක්ෂිත පාඩු ඇති ගෙන චෙනවා.
දේශීය මුදලින් සෘජුව ගෙවීම් කිරීමෙන් මෙම අවදානම් අවම කරගත හැකි.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා –
2025 වසර වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 5.5 ඉක්මවා ගොස් තිබෙනවා.මෙම දැවැන්ත වෙළෙඳ ගනුදෙනු සියල්ල තවමත් සිදුවන්නේ අමෙරිකානු ඩොලර් මුදලින්ම තමයි.
නව ක්‍රමයකට යෑමට පෙර පවතින වෙළෙඳ ව්‍යුහය සහ බැංකු පද්ධතිය ඊට අනුකූලව සකස් විය යුතු වෙනවා.මෙම යෝජනාව න්‍යායාත්මකව ඉතා ආකර්ශනීය වුවත්, එහි දෙපැත්තක් පවතිනවා.
ලංකාව සතු සීමිත ඩොලර් සංචිතය ඉතිරි කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්නා විට රුපියල් භාවිත කළ හැකි නම්, ඩොලර් අර්බුදයට එය තාවකාලික සහනයක් ගෙන දෙනවා.
ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ සමබර වෙළෙඳාමක් නොවේ. ලංකාව ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයනය කරන අතර අපනයනය කරන්නේ අඩුවෙන්. (Trade Deficit). එවිට ලංකාව සතු ඉන්දීය රුපියල් ඉක්මනින් ඉවර වෙනවා. නැවතත් ඉන්දීය රුපියල් සෙවීමට ඩොලර් දීමට සිදු විය හැකි.
දේශීය මුදලින් ගනුදෙනු කිරීම දිගුකාලීනව වාසිදායක උපායමාර්ගයක්. එහෙත් එය සාර්ථක වීමට නම්, දෙරට අතර පවතින වෙළෙඳ අසමතුලිතතාවය අවම කරගත යුතුයි. ඩොලර් ආධිපත්‍යයෙන් මිදීම එක රැයකින් කළ නොහැකි.එයපියවරෙන් පියවර යා යුතු ගමනක්.
