Impartial news reporting for a stronger democratic society
රුසියාව සමඟ ආයෝජන, බලශක්ති, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයන්හි සමීප සහයෝගීතාවයකට සූදානම් — චීන අගමැතිගෙන් ප්‍රතිඥාවක්

රුසියාව සමඟ ආයෝජන, බලශක්ති, කෘෂි යන ක්ෂේත්‍රවල ගැඹුරු සහයෝගීතාවයකට සූදානම් බව චීන අගමැති ලී ච්‍යං පවසයි.

චීන අගමැතිවරයා සහ රුසියානු අගමැති Mikhail Mishustin අතර  පෙරේදා  (17) මොස්කව් හි දී පැවති හමුවේ දී ඔහු මේ බව පැවසීය.

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ උපායමාර්ගික මග පෙන්වීම අනුගමනය කිරීමට, සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට, රුසියා- චීන අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව අඛණ්ඩව ගැඹුරු කිරීමට මෙන්ම වැඩි ප්‍රතිලාභ ගෙන දීමට රුසියාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව හෙතෙම සඳහන්  කෙළේය.

මානව සහ සංස්කෘතික හුවමාරුව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පුළුල් සහයෝගීතාව සමග චීන – රුසියානු සබඳතාවලට වඩාත් මානවවාදී උණුසුම ලබා දීම අඛණ්ඩව සිදු කරන ලෙස ඔහු දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය.

සැප්තැම්බරයේ පැවති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ටියැන්ජින් සමුළුව සන්ධිස්ථාන වැදගත්කමකින් යුත් ඵලදායී ප්‍රතිඵල මාලාවක් අත්කර ගත් බව සඳහන් කළ ලී ච්‍යං, ෂැංහයි ආත්මය ආරක්ෂා කිරීමට සහ නායකයන්ගේ සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට රුසියාව සමඟ සමීප සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවයක් පවත්වා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව පැවසීය.

Mikhail Mishustin එහි දී සඳහන් කෙළේ, නව යුගයක් සඳහා සම්බන්ධීකරණය කිරීමේ රුසියානු – චීන පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය වර්තමානයේ පෙර නොවූ විරූ ඉහළ මට්ටමක පවතින බවයි.

රුසියාව චීනය සමග සෑම මට්ටමකින්ම සංවාද සහ හුවමාරු තවදුරටත් තීව්‍ර කරමින් නව වර්ධන ලක්ෂ්‍යයන් නිර්මාණය කිරීමට මෙන්ම යහපත් අසල්වැසි මිත්‍රත්වය අඛණ්ඩව වැඩි දියුණු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

SCO හි ආයතනික ගොඩනැගීම වැඩි දියුණු කිරීමට සහ කලාපයේ සහ ලෝක සාමය, සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමග එක්ව වැඩි දායකත්වයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කෙළේය.

දිනමිණ ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp