Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට අත්සන් තැබීමේ සූදානමක් ? – අව­සන් තීන්දු­වක් තවම නෑ – ඉරාන විදේශ ඇමැති කියයි

යුද ගැටුම් අව­සන් කිරීමටත්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටත්  අමෙ­රි­කාව සහ ඉරා­නය ගිවි­සු­ම්ගත වීමට නිය­මිත බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම  ස්ව්ස්සර්ලන්තයේදී  අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 පසුගිය දා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තැබූ අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපා­ර්ශ්වය අතර ගිවි­සු­මට අද (15) අත්සන් තැබී­මට නිය­මි­තව බව ප්‍රකාශ කළද, ගිවි­සු­මට අත්සන් තැබීම තව දින කිහි­ප­යකින් පසු  සිදු­වනු ඇතැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. කෙසේ වුවත් පෙරේදා (14) රාත්‍රිය වන­තුරු ගිවි­සුම සම්බ­න්ධව අව­සන් තීන්දු­වක් නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් නොවූ බව ද වාර්තා වේ.

අමෙ­රි­කාව සමඟ ඇති ­කැ­ර ­ගැ­නී­මට නිය­මිත ගිවි­සුම සම්බ­න්ධව මෙතෙක් අව­සන් තීන්දු­ව­කට පැමිණ නැතැයි ඉරාන මාධ්‍ය තහ­වුරු කැර ඇති අතර, ගිවි­සුම සම්බන්ධ කට­යුතු අව­සන් කිරී­මට ඉරාන රජ­යට සහාය වීම සඳහා කටාර් රාජ්‍යයේ නියෝ­ජි­ත­යන් පිරි­සක්  පෙරේදා වන විට ඉරා­න­යට ගොස් සිටි බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළ බව cyber world Press   සඳහාන්  කරයි.

කෙසේ වෙතත් පෙරේදා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳ­හන් කැර ඇත්තේ, ගිවි­සුම අත්සන් තැබී­මත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූ­ර්ණ­යෙන්ම විවෘත වන බවයි. ඉරා­නය සතු න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සඳහා භාවිත කරන යුරේ­නි­යම් සහ අනෙ­කුත් උප­ක­රණ අමෙ­රි­කාව සතු­වනු ඇතැයි ද ට්‍රම්ප් සිය නිවේ­ද­නයේ සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp