Impartial news reporting for a stronger democratic society
ෂෙයික් හසී­නාගේ අප­රාධ නඩු තීන්දුව අවසන් ! මරණ දඬුවම ලබා දෙන්නැයි නියෝගයක් !

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා

——————————————————–               

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබේ.

ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙනි.

වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබාදී තිබේ.

බංග්ලාදේශයේ සිසු අරගලය

—————————————————————————————-

ඇය පහළොස් වසරක් තිස්සේ බංග්ලාදේශය පාලනය කළ අතර, 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර තවමත් එරට මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල ආණ්ඩුවක්  පිහිටුවාගෙන නොමැත.

අවාමි ලීග්  ආණ්ඩුව බිඳ වැටුණු පසු­ගිය වස­රේදී  ආණ්ඩුවට එරෙහි විරෝ­ධතා අත­ර­තුර සිදු කරනු ලැබූ බව කියන අප­රාධ සම්බ­න්ධව චෝදනා ලබා සිටින හිටපු අග­මැ­ති­නිය ෂෙයික් හසී­නාගේ නඩු තීන්දුව  ඊයේ (17) ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මිත බව එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කෙළේය. 78 හැවි­රිදි හිටපු අග­මැ­ති­නි­යට එරෙහි නඩු තීන්දුව නිකුත් කිරී­මට නිය­මිත එරට ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණය අවට ප්‍රදේ­ශයේ දැඩි ආර­ක්ෂක රැක­වල් යොදා ඇතැයි ද, රට­පුරා ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වීම් වැළැ­ක්වීම සඳහා පොලී­සිය ඇතුළු ආර­ක්ෂක අංශ පිය­වර රැසක් ගෙන ඇතැයි ද ඩේලි ස්ටාර් පුවත් සේවය  කියයි.

ජනතා අර­ග­ල­යක් තුළින් විසින් බල­යෙන් පහ කරනු ලැබූ ෂෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජයේ හිටපු ඇගේ ප්‍රධා­න­තම හිත­වාදී දෙදෙ­න­කුට එරෙ­හිව මානු­ෂීය අප­රාධ චෝදනා යටතේ එම නඩුව පවරා තිබූ අතර, රජයේ නීතිඥ ගාසි මොනා­වර් හොසේන් ප්‍රකාශ කැර ඇත්තේ එම නඩු තීන්දුව රජයේ රූප­වා­හි­නිය සහ තවත් පෞද්ග­ලික රූප­වා­හිනී නාළිකා ඔස්සේ විකා­ශය කිරී­මට නිය­මිත බවයි. විනි­සුරු මඬුල්ලේ අනු­මැ­ති­යට යටත්ව අදාළ තීන්දුවේ අව­සන් කොටස පම­ණක් විකා­ශය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කැර තිබේ.

නිවේ­ද­න­යක් නිකුත් කර­මින් බංග්ලා­දේශ ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණය ප්‍රකාශ කර ඇත්තේ හිටපු ස්වදේශී කට­යුතු ඇමැති අසා­දු­ස්ස­මාන් ඛාන් කමාල් සහ හිටපු පොලි­ස්පති චවුද්රි අබ්දුල්ලා සෙසු විත්ති­ක­රු­වන් ලෙස නම් කැර ඇති බවය. හිටපු අග­මැ­ති­නි­යට සහ සෙසු විත්කි­ක­රු­වන්ට ඝාත­නය කිරීම්, ඝාත­නය කිරී­මට උත්සාහ කිරීම්, වධ­හිංසා පමු­ණු­විම්, නිරා­යුධ ශිෂ්‍ය විරෝ­ධ­තා­ක­රු­වන්ට ප්‍රහාර එල්ල කිරී­මට අනු­බල දීම්, ඒ සඳහා පහ­සු­කම් සැප­යීම්, විරෝ­ධ­තා­ක­රු­වන් මර්ද­නය කිරීම සඳහා මාරා­න්තික අවි, හෙලි­කො­ප්ටර් සහ ඩ්‍රෝන යානා භාවිත කිරී­මට නියෝග කිරීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇත පැවසේ. කෙසේ නමුත් ෂෙයික් හයිනා මේ විට ඉන්දීය රජයේ රැකවරණය ලබමින් ජිවත් වෙයි.

දිනමිණ ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp