Impartial news reporting for a stronger democratic society
තලවතුගොඩ අවන්හලේ ගින්නෙන් 3ක් ජීවිතක්ෂයට ! – මුළුතැන් ගෙයි සේවකයන්ට පිටතට යන්න දොරවල් නෑ -පොලිසිය කියයි

තලවතුගොඩ ප්‍රදේශයේ  අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට  පොලිසිය සඳහාන් කරයි.

අද (09) පෙරවරුවේ තලවතුගොඩ ප්‍රදේශයේ  අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර, ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවනු ලැබිණි.

කෙසේ වෙතත් පොලීසිය සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි.

හදිසියකදී අවන්හලේ මුළුතැන් ගෙයින්  පිටතට යා හැකි  දොරවල්  කිසිවක් නොතිබීම නිසා, සේවය කරමින් සිටි  සේවකයන් ගින්නට හසු වී ඇත. ගින්නට හසු වූ සේවකයන් පිටතට ගෙන ඇත්තේ අවන්හලේ බිත්ති කඩා දැමීමෙන් බව පොලිසිය  කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp