Impartial news reporting for a stronger democratic society
රුසි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර ආර­ක්ෂක සහ­යෝ­ගී­තාව පිළි­බඳ අව­බෝ­ධතා ගිවි­සු­මක්

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් රජයේ ආර­ක්ෂක ඇමැති මොහො­මඩ් යාකූබ් මොස්කව් නුව­රදී රුසි­යාව සමඟ ආර­ක්ෂක සහ­යෝ­ගී­තාව පිළි­බඳ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තබා ඇති බව Cyber World Press වාර්තා කරයි.

 මෑත කාලී­නව දෙරට අතර වර්ධ­නය වෙමින් පව­තින රාජ්‍ය­තා­න්ත්‍රික සම්බ­න්ධ­තාව එම අව­බෝ­ධතා ගිවි­සු­මෙන් තව­දු­ර­ටත් ශක්ති­මත් වනු ඇතැයි තලේ­බාන් රජය ප්‍රකාශ කැර ඇත. එම සම්බ­න්ධතා වර්ධ­නය විමේදී රුසි­යාව සහ පකි­ස්ථා­නය අතර පව­තින ප්‍රති­ත්‍රස්ත හවු­ල්කා­රි­ත්වය අව­දා­නම් තත්ත්ව­ය­කට පත්වනු ඇතැයි Cyber World Press වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

කිසිදු අස­ල්වැ­සි­ය­කුට නැවත පෙර පරිදි විශ්ව­ස­නී­ය­ත්ව­යෙන් යුතුව ප්‍රහාර එල්ල කිරී­මට අව­ස්ථාව නොලැ­බෙනු ඇතැයි රුසි­යාව සමඟ ආර­ක්ෂක ගිවි­සු­මට අත්සන් තැබී­මෙන් පසු නැවත ඇෆ්ග­නි­ස්තා­න­යට පැමිණි තලේ­බාන් ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කැර තිබේ.

රුසි­යාවේ ශාන්ත පීට­ර්ස්බර්ග් ජාත්‍ය­න්තර ආර්ථික සංස­ද­යට සමා­ග­මීව රුසි­යාවේ ඇෆ්ග­නි­ස්තාන තානා­ප­ති­ව­රයා එරට නිල­ධා­රින් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබ­ඳතා වර්ධ­නය කිරීම සහ ඇෆ්ග­නි­ස්තා­නයේ අප­න­යන ඉහළ දැමී­මට ද පුළුල් සාක­ච්ඡා­වක් පවත්වා ඇතැයි Cyber World Press සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp