
සිංහල , බෞද්ධයන්ගෙන් පමණක් සමන් විත පුරාවිද්‍යා උපදේශක කමිටුවක් ආණ්ඩුව මේ වන විට පත් කැර ඇති බව අණාවරණය වෙයි.
මෙම කමිටුවට සාමාජිකයන් දහනම දෙනකු ඇතුළත් වන අතර, ඔවුන්ගේ නම් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ අත්සනින් අංක 2460/56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2025 නොවැම්බර් 1 වැනි දින ප්‍රකාශයට පත් කැර ඇත.
විචාරකයන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට අයත් පුරාවිද්‍යාව යනු නටබුන් අධ්‍යයනයට වඩා වැඩි දෙයක් ප්‍රකාශ වන බවත් , එය ශ්‍රී ලාංකේය ජාතියේ අනන්‍යතාවය තහවුරු කරන මුලික සාධකයක් වන බවයි.විශේෂයෙන් සිංහල, දෙමළ, මුස්ලිමි,බර්ගර් ඇතුළු ලොකු කුඩා සියලු ජනවර්ගවලට මෙම පුරාවිද්‍යා නටබුන් අයත් බව ඔවුන් පෙන්වා දෙති.
ඒ වැනි තත්ත්වයක් තුළ 2025 නොවැම්බර් මාසයේදී නව පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කිරීමෙන් පැහැදිලි වන්නේ, පැරණි මතභේද නැවත ඇති කැර සංහිදියාව අභියෝගයට ලක් කිරීමක් බව පැහැදිලිය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පිහිටුවන ලද නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට මෙම කමිටුව සමාන්තර වීම තුළින් පෙනි යන්නේ, ගිනිගත් දේශයේ සංහිදියාව ඇති කිරිමට ජාතික ජන බලවේගයට කිසිදු වුවමණාවක් නැති බවයි. විචාරකයන් පවසන්නේ මෙම මුලපිරීම් දෙකම උරුම පාලනයේ සිංහල – බෞද්ධ ආධිපත්‍යයේ රටාවක් පිළිබිඹු කරන බවත්, ඓතිහාසික පුරාවිද්‍යා හිමිකම් අදාළ කලාපවල දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් පසෙකට තල්ලු කැර ඇති බවත්ය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට සුවදායක නොවන බවයි.
කෙසේ නමුත් වසර 30කට වැඩිය පැවැති ජන වාර්ගික යුද්ධය නිම වී, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සංහිඳියාව ඉතා අමාරුවෙන් ගොඩනැගෙමින් පවතින අවස්ථාවක ඒ් සියල්ල අමතක කැර තමන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ඉදිරියට ගෙන යෑමට ජේ.වී .පී. , ජා.ජ.බ. ආණ්ඩුව අද කටයුතු කරමින් සිටින බව පෙනෙන්න තිබේ.


මෙහිදී කිවයුතු මුලික කරණය වන්නේ උරුම කළමනාකරණය ජනවාර්ගික දේශපාලනයෙන් වෙන් කළ නොහැකි බවයි. රටේ ස්ථාවරත්වය අපේක්ෂා කරන විට, අදාළ දේශපාලන සහ සමාජ අංශ තර්ක කරන්නේ උරුම ආයතනවල බහු – වාර්ගික නියෝජනය තිබිය යුතු බවයි. ස්ථාන හඳුනා ගැනීම සහ ඉඩම් වෙන් කිරීම සඳහා විනිවිද පෙනෙන ක්‍රියාවලීන් හරහා සිදුවිය යුතු බවයි. පුරාවිද්‍යාව ගැටුම සඳහා පිපිරීම් ලක්ෂයක් වීම වැළැක්වීම සඳහා ප්‍රජා උපදේශනය කල්තබා සිදු කළ යුතු බව ආණ්ඩුවට මතක් කැර දිය යුතුය. විශේෂයෙන් මෙම ආරක්ෂණ ක්‍රම නොමැතිව, 2025 උපදේශක මණ්ඩලය වැනි කමිටු මගින් අවිශ්වාසය ගැඹුරු කිරීමේ සහ ජාතික සමගිය සඳහා වන උත්සාහයන් අඩපණ කිරීමේ සැබෑ අවදානමක් ඇති වන බව ජනාධිපතිවරයාට සහ ඇමැතිවරයාට නොතේරීම කණගාටුවට කරුණකි.
කෙසේ නමුත් , ශ්‍රී ලංකාවේ පැරණි තුවාල නැවත ඇති නොකර රටෙහි උරුමය කළමනාකරණය කළ හැකිද යන ප්‍රශ්නයට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පිළිතුරක් සොයන බවක් නොපෙනේ. ආණ්ඩුව මේ අරභයා ගමන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ බව අවධාරණය කළ යුතුව ඇති කරුණකි.
