
ඊශ්‍රායලයේ ලෝරා උපායමාර්ගික බැලැස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා දෙරටේ ආරක්ෂක ප්‍රධානීන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සදහාන් කරයි.
ඊශ්‍රායලයේ අභ්‍යවකාශ නිෂ්පාදන සමාගමේ බලපත්‍රය යටතේ ඉන්දියාව තුළ එම මිසයිල නිෂ්පාදනය සඳහා වන අවබෝධතා ගිවිසුම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අතර අත්සන් තබා ඇති අතර, එම සාකච්ඡාව සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ඊශ්‍රායලයේ සංචාරය කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව වසර 2020 සිට 2024 දක්වා කාලය ඇතුළත ඊශ්‍රායලයේ ආරක්ෂක උපකරණ නිෂ්පාදනයෙන් 34%ක් මිල දී ගෙන ඇතැයි ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතන සඳහන් කරයි. දෙරට අතර ආරක්ෂක, තාක්ෂණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉදිරියේදී ද අඛණ්ඩව පවත්වාගෙන යෑමට අදහස් කරන බව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කැර ඇත..
