
හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම සඳහා ඉරානයට මුදල් ගෙවන නෞකාවලට සම්බාධක පනවන බවට අමෙරිකාව නැව්ගත කිරීමේ සමාගම්වලට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදේශීය වත්කම් පාලනය කිරීමේ අමෙරිකානු කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කැර ඇත්තේ අමෙරිකානු ජාතිකයන් සහ නැව්ගත කිරීමේ සමාගම්වලට ඉරානයට මුදල් ගෙවීම තහනම් කර ඇති බවයි. එවැනි පියවරක් අනුගමනය කරන විදේශීය නැව්ගත කිරිමේ සමාගම් ද සම්බාධකවලට මුහුණ දීමේ අවදානමට ලක්වනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.
පසුගිය පෙබරවාරි මස අග භාගයේදී යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඉරාන ආරක්ෂක හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනයට දැඩි අවහිරතා සිදු කැර ඇති අතර, අමෙරිකානු රජය ද ඉරාන වරායන් ඉලක්ක කරමින් තවදුරටත් එවැනිම අවහිරතා සිදු කරමින් සිටින බව සඳහාන්ය වේ.
