
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍යජාලය ඔස්සේ මරණ තර්ජනය කිරිම සම්බන්ධයෙන් අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) හිටපු අධ්‍යක්ෂ ජේම්ස් කොමේට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
පසුගිය වසරේදී ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ඔහු මුහුදු බෙල්ලන් සහ ඉලක්කම් යොදා ගනිමින් ව්‍යාංගාර්ථයෙන් එම තර්ජනය සිදු කැර ඇත. එම අංකවලින් ප්‍රකාශ වන අරුත කුමක්දැයි තමා නොදන්නා බව එෆ්බීඅයි හිටපු ප්‍රධානියා ප්‍රකාශ කළද , ට්‍රම්ප් පරිපාලනය සඳහන් කැර ඇත්තේ එය ට්‍රම්ප් ඉලක්ක කරමින් සිදු කළ මරණ තර්ජනයක් බවයි. එවැනි සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් අත්වන ප්‍රතිඵලය ජේම්ස් කොමේ හොඳින්ම දන්නා බවත්, ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට නියමිත බවත් එෆ්බීඅයි වත්මන් අධ්‍යක්ෂ කාෂ් පටේල් ප්‍රකාශ කැර තිබේ
