
අබ්බාස් අරග්චි ඊයේ (27) මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී ඇත.
අද පවතින සංකිර්ණ දේශපාලන තත්ත්වය හමුවේ තමන් “රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීම වැදගත් සංධිස්ථානයක් . යුද්ධයේ වර්ධනයන් සාකච්ඡා කිරීමට සහ නවතම තත්ත්වය සමාලෝචනය කිරීමට හොඳ අවස්ථාවක් උදා වුණා යැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි මාධ්‍ය වෙත පැවසු බව මොස්කව් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත කියයි.
වර්තමාන ලෝක දේශපාලනය යනු හුදෙක් වාද විවාද හෝ වෙළෙඳ ගිවිසුම් පමණක් නොව, එය ඉතා සූක්ෂම ලෙස ඇදෙන මහා පරිමාණයේ ‘චෙස් ක්‍රීඩාවකි’යන්න කිවයුතු කරුණකි. එහි දක්ෂතම ක්‍රීඩකයකු වෙමින් ඉරානය මේ වන විට ලෝකයම මවිත කරවන උපක්‍රමික මෙහෙයුමක නිරතව සිටියි. ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හමුවීමට මොස්කව් නුවරට ගොඩබැසීම සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික ගමනකට වඩා එහා ගිය, බටහිර බලවතුන්ට එල්ල කළ ප්‍රබල පණිවිඩයකි.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය සටන් විරාම සහ විවිධ සම්බාධක ගැන තර්ක කරමින් සිටින අතරතුර, ඉරානය නිහඬවම තම බලය ශක්තිමත් කරමින් සිටින්නේ නැඟෙනහිර දැවැන්තයන් වන රුසියාව සහ චීනය සමඟ අත්වැල් බැඳගනිමිනි.
පසුගිය දිනෙක චීනය සමඟ පැවැත්වූ සාකච්ඡා මෙන්ම මෙම රුසියානු සංචාරය ද පෙන්නුම් කරන්නේ, ඉරානය තවදුරටත් හුදකලා රාජ්‍යයක් නොවන බවයි. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් ඉරානය තමන්ට ඇමතුමක් දිය යුතු යැයි පවසමින් මාධ්‍ය සංදර්ශන පවත්වද්දී, ඉරානය කරන්නේ තමන්ගේ සතුරන්ට නොව, තමන්ට ගරු කරන සැබෑ මිතුරන්ට ඇමතුම් දී නව ලෝක බලවේගයක් ගොඩනැගීමට පටන් ගෙන තිබේ.
මෙය හුදෙක් මිත්‍රත්වයක් පමණක් නොව, බටහිර සම්බාධක නමැති ප්‍රබල අවිය මොට කිරීම සඳහා ඉරානය විසින් ඉදිකරන ලද යෝධ ආරක්ෂක පවුරකි. රුසියාව සහ චීනය සමඟ යුධමය හා මූල්‍යමය වශයෙන් සමීප වීම හරහා, අමෙරිකාවට තනිවම ලෝකය පාලනය කළ හැකි යුගය අවසන් වෙමින් පවතින බව ඉරානය ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටී. තමන්ගේ අනාගතය තීරණය කිරීමට වෙනත් රටකට ඉඩ නොදී, තමන්ගේම මාවතක් තෝරා ගැනීමට ඉරානය ගත් මෙම නිර්භීත තීරණය අද බොහෝ රටවල අවධානයට ලක්ව ඇත.
මෙමඟින් මුළු මහත් ලෝක සිතියම ම අලුතින් ඇඳෙමින් පවතින අතර, විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට , ශ්‍රී ලංකාව වැනි IMF නඟුලේ එල්ලී දිව්‍ය ලෝකෙ යන්න සිටින රටවලට ද මෙහි වැදගත් පණිවිඩයක් සැඟ වී තිබේ. එනම්, බලවත් යැයි කියා ගන්නා රටවල් දෙන නියෝග එනතුරු බලා නොසිට, තමන්ගේ ස්වෛරීභාවයට ගරු කරන සහකරුවන් සමඟ එක්ව ස්වාධීන අනාගතයක් ගොඩනැගීමට දැන් කාලය එළඹ ඇති බවයි. අවසානයේ ඉතිරි වන ප්‍රශ්නය නම්, බටහිර තර්ජන හමුවේ නොසැලී තම ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින ඉරානයේ මෙම ගෝලීය දේශපාලන මෙහෙයුම ලෝක බල තුලනය සඳහටම වෙනස් කැර , ලෝකයේ වත්මන් ගමන් මඟ නව මානයක් කරා ගෙන යනු ලබන බව පෙන්වා දීම වැදගත්ය. ( Facebook ඇසුරෙන් )
