Impartial news reporting for a stronger democratic society
පාකිස්ථානයේ  ආරක්ෂාව  නරක අතට හැරුනහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ගෙන්වා ගන්නවා – ආණ්ඩුව කියයි

පාකිස්තානය තුළ  මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වුවහොත්  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත සිය රටට ගෙන්වා  ගැනීමට පියවර ගන්නා බව ආණ්ඩුව ඊයේ (12) නිවේදනය කෙළේය.

  පාකිස්ථානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ආරක්ෂාව තහවුරු කිරීමට  මේ  වන විට පියවර ගෙන ඇති බව ආණ්ඩුව  නිවේදනය  කැර තිබේ.

 පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇති අතර, එම තත්ත්වය තුළ එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ. ශ්‍රී ලංකාව , පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර 20 – 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙම ක්‍රිකට් කණ්ඩායම් පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටී.

දැනට එහි එක් තරගයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරග ගණනාවක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සන්තක ජයසුරිය සමග  පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.   

 ආරක්ෂක ලේකම් සම්පත් තුයිය්කොන්තා මහතා පාක්ස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කැර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල්වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා  ඒ බව තහවුරු කැර තිබේ. 

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන්  ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම්  ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ දැක්වු සහාය සිහිපත් කරන ජනාධිපතිවරයා ඊට කෘත ගුණ දැක්වීමක් ලෙස ද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ. 

එසේම ඒ කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවට ද ජනාධිපතිවරයා සහතික  වී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp