
පාතාලයේ ක්‍රියාකාරි සමාජිකයකුව සිටි මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් හිටපු සීසීඩී නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරට වාරණ නියෝගයක් නිකුත් කැර තිබේ.
සීසීඩීයේ හිටපු අධ්‍යක්ෂ ජනක් නන්දන ඇතුළු සිවි දෙනා ගොනු කළ පෙත්සම විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විභාගයට ගන්නා ලදී.
සීඅයිඩීය සිදු කරන ලද මිනීමැරුම් විමර්ශනයට අදාළව නීති විරෝධී ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට ආසන්න බව ඔවුන් කියා සිටියහ.
පෙත්සම්කරුවන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සහ අබේසේකරගෙන් නඩුව ඉවත් කිරීමට නියෝග ඉල්ලා සිටී.
නඩුව මැයි 15 වැනි දින නැවත විභාගයට ගැනේ.
