Impartial news reporting for a stronger democratic society
ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් !

ඉරානය සහ  අමෙරිකා එක්සත් ජනපදය අතර පැය 12ක් පුරා පැවැති සාකච්ඡා තවදුරටත් ඉදිරියට නොයන බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ.

පකිස්තානයේ ඉස්ලාමාබාද්  නුවරදී  පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා සඳහන් කැර ඇත්තේ, සාම සාකච්ඡා සඳහා  තමන් සද්භාවයෙන් පැමිණි බවයි.

එහිදී ඔහු සඳහන් කැර ඇත්තේ, ඉරානය  අමෙරිකා එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත්, දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත්ය.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බව සඳහන් කළ උප ජනාධිපතිවරයා, අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු  අමෙරිකා එක්සත් ජනපදය පකිස්තාන භුමියෙන් ඉවත්  වූ බවයි.

කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ පකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කැර තිබේ.

මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සහ  අමෙරිකා එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා ඊයේ (11) ආරම්භ වූයේ පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලයේදීය.

මෙම සාකච්ඡා සඳහා පකිස්තානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන අතර එම සාකච්ඡා ඊයේ පස්වරුවේ ආරම්භ විය.

ඉරාන මාධ්‍ය සඳහාන් කරන්නේ, සාම සාකච්ඡා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය න්‍යෂ්ටික ගැටලුව, යුද වන්දි, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයට එරෙහිව සහ කලාපය තුළ පවතින යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී ඉරානය  සාකච්ඡාවට  ගත් බවයි.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර පැවැත්වෙන මෙම සාකච්ඡා  පොදු රාමුවකට ළඟා වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් නොවනු ඇති බව ඉරානය පවසා ඇතැයිද සඳහන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp