Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායල හමුදා ලෙබනනයට ප්‍රහාරය එල්ල කිරීම සටන් විරාමය උල්ලංගනය කිරීමක් : හෝමූස් විවෘත කරන්නේ නෑ – ඉරානය කියයි

අමෙරිකාව සමඟ සටන් විරාමයකට පිවිසියේ ඉරානයේ පමණක් නොව ලෙබනනයේ සහ යේමනයේ ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාව මත බැවින්, ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම එම සටන් විරාම කොන්දේසි උල්ලංගනය කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති සයිඩ් කාතිබ්සාද් ප්‍රකාශ කැර තිබේ.

ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය සටන් විරාමය බරපතළ ලෙස කඩ කිරීමක් බව සඳහන් කැර ඇති ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ,එම ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගවලින් අමෙරිකාව ඉවත් වනතුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව අවධාරණය කැර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා සියලු නෞකාවලට අවසර ලබා දෙන බවට ප්‍රකාශ කැර තිබියදිත් එවැනි ප්‍රහාරයක් එල්ල කරමින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරිම සැලකිය යුතු කරුණක් බවත්, අමෙරිකාව යුද්ධය හෝ සාමය තෝරාගත යුතු බවත් ඉරාන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

මැදපෙරදිග රටවල තෙල් අපනයනය සඳහා විවෘත වූ හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයට සහ ඕමානයට අයිති මුහුදු තීරයක් බවද ඔහු සඳහන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp