Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවේ රතු බලකොටුව ළග බෝම්බය පිපිරීම  ජම්මු – කාශ්මීර ත්‍රස්තවාදීන්ගේ වැඩක් බවට සැකයක් !

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති  බව අනාවරනය වී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ.

ඔහු 1989 පෙබරවාරි 24 වැනි දින උපත ලබා ඇති බවත් ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කැර ඇති බවත් සඳහන් වේ.

මෙම ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු මත ජම්මු – කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම්  ඊයේ (10)  ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේය.

ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවෙසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ හමු වී තිබුණි.

මෙය සැලවීමත් සමඟ ඔවුන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ තවත් සගයකු වූ බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් භීතියට පත් ව මෙම පිපිරීම සිදුකර ඇති බවට එරට ආරක්ෂ අංශ පවසයි.

දිල්ලි ප්‍රහාරය සහ මෙම ත්‍රස්ත ජාලය අතර සබඳතාවක් තහවුරු කැර ගැනීමට පොලීසියට හැකිව ඇත්තේ, පුපුරාගිය මෝටර් රිය දකුණු කාෂ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනාගැනීමත් සමඟිනි.

ප්‍රහාරය සිදු කිරීම සඳහා බෝම්බකරු ඇමෝනියම් නයිට්‍රේට් ඉන්ධන තෙල් (ANFO) භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.එමෙන්ම මෝටර් රථය තුළ ඩෙටනේටරයක් ​​සවි කැර තිබී ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.

මෙම පිපිරීමකින් පුද්ගලයන් 09 දෙනෙක් මිය ගොස් තිබේ.Red Fort මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා  තිබේ.පිපිරීම සිදුවූ ස්ථානය කාර්යබහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති අතර දිල්ලි ගිනි නිවන සේවා සහ පොලීසිය එක්ව මේ වන විට අදාළ ස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදු  කරමින් සිටිමින් සිටි.

Follow by Email
LinkedIn
Share
WhatsApp