Impartial news reporting for a stronger democratic society
චෙන් යිමෙයි ( Chen Yimei) ගේ සොහොනට ශ්‍රී ලංකාවේ   චීන තානාපති පුෂ්පෝපහාර දක්වයි

ශ්‍රී ලංකාවේ  චීන තානාපති චී ෂෙන්හොං මහතා කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියට ගොස් එහි මිදන් කොට ඇති  පුරෝගාමී චීන රාජ්‍ය තාන්ත්‍රිකයකු වන චෙන් යිමෙයි ( Chen Yimei) ගේ සොහොනට පුෂ්පෝපහාර  දැක්වීය.

අප්‍රේල් මාසයට යෙදී ඇති  ක්විංමිං උත්සවය මුලික කැර ගනිමින්  මෙම උපහාරය   චීන තානාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් සුදු කෙළේය.

චීනයේ පළමු කාන්තා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චෙන්, 1950-70 දශකවල දෙවරක් ශ්‍රී ලංකාවේ සේවය කළ අතර, අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ සමීප මිත්‍රත්වයක් සහ චීන-ශ්‍රී ලංකා සබඳතාවලට සැලකිය යුතු දායකත්වයක්  ලබා දුන්  රාජ්‍ය තාන්ත්‍රිකයෙකු  විය.  ඇය දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා විශාල සේවාවක් කළ අතර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලී සිටියදී 1974 දී කොළඹ දී මිය  ගියේය . මිය යන විට  ඇගේ වයස අවුරුදු 46 කි.

Follow by Email
LinkedIn
Share
WhatsApp