Impartial news reporting for a stronger democratic society
ගල්ෆ් කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ  යෑමේ අවධානමක් ! – IMF කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා කියයි

ගල්ෆ් කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අවධාරණය කරයි.
ලබන සතියේ ගෝලීය මූල්‍ය ආයතනය නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනයට පෙර ඇය මෙම අදහස් දැක්වීම සිදු කැර තිබේ.
ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය, ඉරානය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාව සිදුව ඇති බවද ඇය සඳහන් කළාය.
අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශකය (World Economic Outlook) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද්ධය හේතුවෙන් ඇති වූ බලපෑම සහ මූල්‍ය කොන්දේසි දැඩි වීම හේතුවෙන්, ආර්ථික වර්ධන වේගය පහත හෙළීමක් සිදුවිය හැකි බවට ද මීට පෙර විශේෂඥයන් දක්වා තිබුණි.
යුද්ධය ඇති නොවූයේ නම්, වසංගතයෙන් පසු ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් පැවති බැවින්, 2026 වසරේදී 3.3% ක සහ 2027 වසරේදී 3.2% ක ගෝලීය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ බව ද ජෝර්ජියේවා වැඩිදුරටත් පැවසුවාය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp