Impartial news reporting for a stronger democratic society
ඉරා­නයේ ෂරිෆ් විද්‍යා හා තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ල­යට අමෙ­රි­කා – ඊශ්‍රා­යල ඒකා­බද්ධ ගුවන් ප්‍රහා­ර­යක් !

ඉරා­නයේ ටෙහෙ­රාන් අග­නු­වර පිහිටි ෂරිෆ් විද්‍යා හා තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ල­යට අමෙ­රි­කානු – ඊශ්‍රා­යල ඒකා­බද්ධ ගුවන් ප්‍රහා­ර­යක් එල්ල වී  තිබේ.

 එම ප්‍රහා­ර­යෙන් ජිවිත හානි සිදු­නො­වු­ව­දව විශ්ව­වි­ද්‍යා­ලයේ ගොඩ­නැ­ඟිලි කිහි­ප­ය­කට සහ දේව­ස්ථා­න­යට හානි සිදු වූ බව එහි සභා­පති මසූඩ් ටජ්රිෂි ප්‍රකාශ කැර තිබේ. ප්‍රහා­රය හේතු­වෙන් ටෙහෙ­රාන් නග­රයේ ප්‍රදේශ රැසක ගෑස් සැප­යුම ද විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

වසර 60ක් පැරැණි ජාත්‍ය­න්තර කීර්ති­යට පත් ෂරීෆ් විද්‍යා හා තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ල­යට ප්‍රහා­ර­යක් එල්ල කිරිම ට්‍රම්ප්ගේ යුද මාන­සි­ක­ත්වය පිළි­බිඹු කරන සිදු­වී­මක් බව එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ඉරා­නයේ උප ­ජ­නා­ධි­පති මොහො­මඩ් රීසා ආරිෆ් ප්‍රකාශ කැර ඇත.

ඉරා­නයේ තාක්ෂ­ණික දැනුම කොන්ක්‍රීට් ගොඩ­නැ­ඟි­ලි­ව­ලට බෝම්බ හෙළී­මෙන් විනාශ කළ නොහැකි බව ද සඳ­හන් කැර තිබේ. ෂරීෆ් විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චා­ර්ය­වරු කිහි­ප­දෙ­නකු එරට න්‍යෂ්ටික වැඩ­ස­ට­හ­නට සම්බන්ධ බවට ඊශ්‍රා­ය­ලය සැක කරන අතර, මීට පෙර පසු­ගිය වසරේ පැවති දින 12ක යුද්ධ­යේදි ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ය­කින් ෂරීෆ් විශ්ව­වි­ද්‍යා­ලයේ න්‍යෂ්ටික විද්‍යාඥ අයි­සාර් ටබ­ට­බායි සහ ඔහුගේ බිරිය ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව සඳහාන් වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp