
එක් දුෂ්ඨ මනුෂ්‍යයකු ලෝකය පාලනය කිරීමට ඇති අසීමිත ආශාව හේතුවෙන් මේ වන විට ලෝක සාමය බිඳී යමින් පවතින බවත්, ඒ් නිසා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ බව සඳහන් කෙළේ පාස්කු දිනය වෙනුවෙන් පැවැති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමිපාණෝ මෙසේද පැවසුහ.
ක්‍රිස්තු ධර්මය යනු යාඥා කිරීම හෝ ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවීම පමණක් නොවේ.ඒ් බව අල හොඳින් තේරුම් ගත යුතුයි.
අපි යාඥා කරමු ,විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා. එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක් ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා. මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න. ක්‍රිස්තු ධර්මය අදහනවා නම් ඔහොම කරන්න බෑ. කිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නොවෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නොවෙයි. පාස්ටර්ස්ලා ගොඩක් ළඟ තියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන්න හදන එක නොවෙයි. ක්‍රිස්තු ධර්මය කියන්නේ ප්‍රේමය, ජීවත්වීම. ප්‍රේමය සේවකයෙකු වීම, දෙවියන් වහන්සේ ඉදිරියේ පැහැපත්වීම, අසල්වැසියා ඉදිරියේ පැහැපත් වීම, නායකයා සේවකයා විය යුතුයි කියලා තියෙනවා. නමුත් අද මේ ලෝකේ පාලනය කරන මේ ගොල්ලෝ නායකයෝ, සේවකයෝ වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ පාලකයෝ ඒ ගොල්ලෝ බලය පස්සෙන් යන අය.
