Impartial news reporting for a stronger democratic society
අමෙරිකා යුද ගුවන් යානා 2ක් ඉරානය වෙඩි තබා බිම හෙළයි

අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත්  යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලු බව  ඉරානය තහවුරු කැර තිබේ.

ඉරානයට එරෙහිව  සටන් මෙහෙයුම් සිදු කරමින් සිටියදී ඊයේ (03) සිකුරාදා  මෙම අවස්ථා දෙකට අමෙරිකාව මුහුණ දී තිබේ.

මැද පෙරදිග යුද ගැටුම් ආරම්භවීමෙන් අනතුරුව ඉරානය  අමෙරිකානු ගුවන් යානයක් බිම හෙළන ලද පළමු අවස්ථාව මෙයයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයකින් දින දෙකකට පසුව වීම ද විශේෂත්වයකි.

පසුගියදා ජාතිය අමතමින් ට්‍රම්ප් අවධාරණය කෙළේ, අමෙරිකාව ඉරානය මේ වන විටත් සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවයි. “අපි ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කළා. දැන් තිබෙන්නේ මෙම මෙහෙයුම අවසන් කිරීමයි. එය අපි ඉතා ඉක්මනින් සිදු කරනවා,” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබුණි.

ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්‍රායල මෙහෙයුම් ආරම්භ කැර මේ වන විට සති පහක කාලයක් ඉක්ම ගොස් ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp