
රටේ දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් කතා කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිඳු අයිතියක් නැති බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් සඳහන් කැර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නායකයන් අතර පසුගියදා පැවති සමාලෝචන සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කැර ඇත.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වු අර්චුනා මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කැර ඇත.
ප්‍රධාන හේතු තුනක් මත වත්මන් ආණ්ඩුවට දූෂණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වන පසුබිමක, දූෂණය වැළැක්වීම ගැන කතා කරන්නේ කෙසේ ද?. ඉන් පළමු චෝදනාව එල්ල වන්නේ සභානායක සහ කැබිනට් ඇමැති බිමල් රත්නායකටයි. ඇමැතිවරයාගේ දැනුවත්භාවය යටතේ නීති විරෝධී ලෙස වරායෙන් කන්ටේනර් 323 නිදහස් කිරීම බරපතළ දූෂණයක් බව අවධාරණය කරන්න කැමැති.
එසේම කැබිනට් ඇමැති කුමාර ජයකොඩි ට ගල් අඟුරු ආනයනයේදී රුපියල් කෝටි සිය ගණනක් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. මෙයට අමතරව කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ද බරපතළ දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.
ආණ්ඩුවේ ප්‍රබලයන් සිදුකරන මෙම දූෂණ ක්‍රියා සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තොරතුරු දන්නේ දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අර්චුනා මන්ත්‍රීවරයාට මූල්‍ය අරමුදල් නියෝජිතයන් පවසා ඇත්තේ, තමන්ට ඒ පිළිබඳව කිසියම් දැනීමක් ඇති බවයි. ඒ අවස්ථාවේදී රැස්වීමේ සිටි මුදල් නියෝජ්‍යය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වා තිබේ.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මුලසුන දැරූ මෙම රැස්වීමට සෙසු මැති ඇමැතිවරුන් සමඟ රවී කරුණානායක, මනෝ ගනේශන්, හිස්බුල්ලා ඇතුළු පිරිසක් ද සහභාගී වුහ. මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ නායක එවන් පැපජෝජියෝ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන තොරතුරු අනුව, මන්ත්‍රී අර්චුනා මතු කළ චෝදනා හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත් වූ පත්වු බව ඇමැති අනිල් ජයන්ත ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පැමිණිලි කැර තිබේ.
Source – lankalokaya
