Impartial news reporting for a stronger democratic society
ඉරානය රැකගන්න ජනතාව විදි බසිති : අමෙරිකා – ඊශ්‍රායල රෙජීමයට එරෙහිව අමෙරිකානු  තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා !

අමෙරිකාව සහ ඊශ්‍රායලය , ඉරානය ඉලක්ක කැර ගනිමින් දියත් කරන ලද මිලිටරි ක්‍රියාමාර්ගවලට එරෙහිව කොල්ලුපිටියේ අමෙරිකානු  තානාපති  කාර්යාලය ඉදිරිපිට ඊයේ ( 03) විරෝධතා ව්‍යාපාරයක්  පැවැත්විණි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ සමාජවාදී ජනතා පෙරමුණ , Voices for Iran team and free Palestine team  ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් මෙම විරෝධතාවට  එක්ව සිටිහ. මැදපෙරදිග කලාපයේ මතුව ඇති අමෙරිකා – ඊශ්‍රායල  යුධ උණුසුම  පරාජය කරමින් ඉරානය රැක ගැනීමට එක්වන්නැයි විරෝධතාකරුවෝ ජනතාවගෙන්  ඉල්ලා සිටිහ.

 ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ  ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, හිටපු කැබිනට් ඇමැති  ඩිවි ගුණසේකර ඇතුළු දේශපාලන  ක්‍රියාකාරීන් , වෘත්තීය  සමිති  සහ බහු ජන  සංවිධාන නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටිහ.

 Colombo -Cyber World Press

Follow by Email
LinkedIn
Share
WhatsApp