
ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර සති දෙක තුනක් ඇතුළත අවසන් කිරීමට එක්සත් ජනපදයට හැකි බවත්, ගැටුම අවසන් වීමට පූර්ව අවශ්‍යතාවක් ලෙස ගිවිසුමක් ඇති කැර ගැනීමට අවශ්‍ය නොවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම ප්‍රකාශ මඟින් පස්වැනි සතියට පැමිණ ඇති යුද්ධය අවසන් විය හැකි ආකාරය පිළිබඳ වෙනස්වන සහ ඇතැම් විට පරස්පර විරෝධී ප්‍රකාශ අවධාරණය කෙරේ.
“අපි ඉතා ඉක්මනින් පිටව යනවා,” ට්‍රම්ප් අඟහරුවාදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන්ට පැවසුවේය.
එම පිටවීම “ සමහර විට සති දෙකකින්, සමහර විට සති තුනක් ඇතුළත” සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.
‘එපික් ෆියුරි මෙහෙයුම’ ලෙස නම් කැර ඇති මෙහෙයුම අවසන් කිරීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස ඉරානය සමඟ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් අමෙරිකාව එක්සත් ජනපදයට අවශ්‍ය දැයි විමසූ විට, ට්‍රම්ප් එය එසේ නොවන බව පැවසීය.
“ඉරානය ගිවිසුමක් ඇති කැර ගත යුතු නැහැ, නැහැ, ඔවුන් මා සමඟ ගිවිසුමක් ඇති කැර ගත යුතු නැහැ ” ඔහු පැවසීය.
