Impartial news reporting for a stronger democratic society
මැදපෙරදිගට චීන – පාකිස්තාන ඒකාබද්ධ සාම යෝජනාවලියක්

පාකිස්තානය සහ චීනය ඒකාබද්ධව මැදපෙරදිග සාමය සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කැර තිබේ. පසුගියදා චීනයේ එක්දින සංචාරයක නිරත වූ පාකිස්තාන විදේශ ඇමැති ඉෂාක් ඩර් සහ චීන විදේශ ඇමැති වැංග් ඊ අතර පැවති හමුවෙන් පසු මේ නිවේදනය නිකුත් කැර ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඇතුළු මුහුදු මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු 5කින් සමන්විතව එම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති අතර, මැදපෙරදිග සාමය සඳහා වහාම සටන් විරාමයක් කැඳවන ලෙස එම නිවේදනයේ සඳහන් වේ.

රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සංවාද ගොඩනැඟීම යුද ගැටුමට එකම විසඳුම බැවින් කඩිනමින් සාම සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයි දෙරටේ විදේශ ඇමැතිවරු අවධාරණය කැර තිබේ. ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත්, සිවිල් සහ තීරණාත්මක යටිතල පහසුකම්වලට පහරදීමෙන් වළකින ලෙසත් යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වලින් ඉල්ලීමක් ද කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp