
යාපනයේ නාවට්කුලි ප්‍රදේශයේ විහාරස්ථානයකදී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කැර ඇත.
චාවකච්චේරි පොලිසිය මෙම භික්ෂුව අත්අඩංගුවට ගෙන පෙරේදා (29) චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙළේය.
තරුණිය එම පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ ඒකකයකින් ජලය ලබා ගැනීම සඳහා විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එහිදී ඇයට ලිංගික අතවරයට ලක්ව ඇති බව සඳහාන් වේ.
වින්දිතයා සිද්ධිය පිළිබඳව තම මවට දැනුම් දුන් අතර, පසුව දෙදෙනා චාවකච්චේරි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කළ අතර, එමඟින් සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගන්නා ලදී.වින්දිතයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත යොමු කැර , වාර්තාව අප්‍රේල් 02 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කෙළේය
