
ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පලස්තීන ජාතිකයන්ට මරණ දඬුවම නියම කිරීමට අවසර දෙන නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව මේ වන විට අනුමත කැර ඇත.
මෙය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශිකයන් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි.
මාරාන්තික ප්‍රහාර සම්බන්ධයෙන් හමුදා අධිකරණවල දී වරදකරුවන් වූ පලස්තීන ජාතිකයන්ව එල්ලා මැරීමේ දඬුවම නියම කරමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව පසුගිය සඳුදා (30) මෙම නීතිය සම්මත කෙළේය.
මෙම නීතිය අදාළ වන්නේ “ ඊශ්‍රායලයේ පැවැත්ම අවසන් කිරීම ” අරමුණු කරගත් ප්‍රහාර එල්ල කළ මිනීමැරුම් චෝදනාවලට වරදකරුවන් වූ පලස්තීන ජාතිකයින්ට පමණි. එනම් එය පලස්තීනුවන්ට මරණ දඬුවම නියම කරන නමුත්, යුදෙව් ඊශ්‍රායල ජාතිකයින්ට මෙය අදාළ නොවන බව විචාරකයෝ පවසති.
